උසස් අධ්‍යාපනයට සීමිත අවස්ථා ඇති බව සත්‍යකි.උසස් පෙලින් පසු විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් විශ්ව විද්‍යාලයට ඇතුල් වන ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගත් කල,
ශ්‍රී ලංකාව -16.4% (2008; අද වන විට සුදුසුකම් ලබන සිසුන් සංඛ්‍යාව අඩු නිසා මෙය මීටත් වඩා අඩු අගයකි)
පෝලන්තය-24.9%
ඉතාලිය-41.4%
ප්‍රංශය-51%
මෙය වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධවද ඒ ආකාරයෙන්ම වේ. වෛද්‍ය පීඨ වලට ඇතුලත් වීමට සුදුසුකම් සපුරන සිසුන් සංඛ්‍යාවෙන් වාර්ෂිකව ඇතුලත් වන්නේ 10% ක් පමණි. නමුත් මෙම ගැටලුවට පිළිතුර ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිපත් කිරීම හුදෙක්ම විහිළුවකි.
ඒ පෞ.වෛ.විද්‍යාල තුල අවස්ථාව හිමි වන්නේ අධික ලෙස මුදල් වියදම් කල හැකි සිසුන්ට පමනක් මිස සීමිත අවස්ථා නිසා සරසවි සිහින බොඳ වන දක්ෂ සිසුන්ට නොවන බැවිනි.
II.දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා සරසවි වරම් අහිමි වන නාගරික දිස්ත්‍රික්ක වල ඉහල ප්‍රතිඵල ලබාගන්නා සිසුන්ට අවස්ථාව ලැබීම.
පෙර කරුණ මෙන්ම මෙයද අර්ධ සත්‍යතාවයෙන් යුතු විහිළුවකි.
දිස්ත්‍රික් කෝටා
ක්‍රමය හදුන්වාදීමට පෙර පැවතියේ සමස්ත දිවයිනම නියෝජනය වන පරිදි ඉහලම ලකුණු
ලැබූ ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමයි. නමුත් ශ්‍රී ලංකාව
වැනි බරපතල විෂමතාවක් ඇති රටක එම අනුපිලිවෙලට ඇතැම් දුෂ්කර දිස්ත්‍රික්ක
වල කිසිඳු ශිෂ්‍යයෙක් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වැනි පාඨමාලා වලට
ඇතුලත් නොවීමේ වාතාවරණයක් නිර්මාණය විය. තවද මුලතිව් , කිලිනොච්චි,
මොණරාගල, වැනි දිස්ත්‍රික්ක වල දරුවන්ට කොළඹ, මාතර, මහනුවර ශිෂ්‍යයන් සමග
තරග කිරීමට නොහැකි වූයේ ඔවුන්ගේ බුද්ධි මට්ටමේ වෙනසක් නිසා නොවන බවත්
අධ්‍යාපන පහසුකම් වල,අධ්‍යාපන අවස්ථා වල ඇති ගැටළු නිසා බවත් අප අවධාරණය කල
යුතුය.එබැවින් ගැටළු ඇතත් දැනට පවතින දිස්ත්‍රික් කෝටා ක්‍රමය සාපේක්ෂව සාධාරණ ක්‍රමයකි. මෙය විය යුත්තේ වඩාත් සාධාරණ ක්‍රමයකට මිස, දැනට පවතින ක්‍රමයටත් වඩා අයුක්ති සහගත අත්තනෝමතික ක්‍රමයකට නොවේ.
පෞ.වෛ.විද්‍යාල හරහා අවස්ථාව ලැබෙන්නේ කොළඹ, මාතර වැනි දිස්ත්‍රික්ක වල AAB වැනි ප්‍රතිඵල ලබා වෛද්‍යවරයෙකු වීමේ අවස්ථාව අහිමි වන ශිෂ්‍යයන් හටද? ඔවුන්ගේ දෙමව්පියන්ට රුපියල් ලක්ෂ 120ක් නොමැති නම්?????
එබැවින් මෙම ගැටලුවට විසඳුම් සැපයිය හැක්කේ පවතින බරපතල සම්පත් විෂමතාව ඉවත් කිරීමෙන්ම පමණක් වේ. පෞ.වෛ.විද්‍යාල යනු පවතින විෂමතාව තව කීප ගුණයකින් ඉහල දමන්නකි!
මතු සම්බන්ධයි...
No comments:
Post a Comment