Saturday

කොළඹ වෛද්‍ය පීඨ නේවාසිකාගාර කාමරයක හදිසියේ ගින්නක්


2015 ජනවාරි 24 වැනි සෙනසුරාදා පස්වරුවේ කොළඹ වෛද්‍ය පීඨ පිරිමි සිසු නේවාසිකාගාරයේ එක් ගොඩනැගිල්ලක සිව්වන මහලේ කාමරයක හදිසියේ ගින්නක් ඇති වුණි.
මෙහි සිටි හතරවන වසරේ සිසුවා දිවි බේරාගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ බාහිරයෙන් අනෙක් පස කාමරයට ඉතා භයානක අන්දමින් පැනීමෙනි.

දැනට සැක කරන්නේ මෙම ගින්න විදුලි කාන්දුවකින් ඇති වූවක් ලෙසටය. නේවාසිකාගාරයේ විදුලි ‍රැහැන් අනාරක්ෂිතව එලා ඇති අයුරු දැකීමෙන් ම මෙය පසක් වේ.

නේවාසිකාගාර සිසුන් වසර ගණනාවක් මුළුල්ලේ විශ්ව විද්‍යාල පරිපාලනයෙනුත් අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් ඉල්ලා සිටියේ එම බලධාරීන් පහස ලබන වායු සමීකරණය කළ කාමර නොව, සැනසිල්ලේ අධ්‍යාපන කටයුතු කිරීමට සුදුසු පසුබිමක් ඇති වට පිටාවකි. එම ඉල්ලීම් බීරි අලීන්ට වීනා වාදනයක්ම විය.

රජයෙන් අය කරන ගාස්තු වලට අමතරව 'නේවාසිකාගාර සංවර්ධන අරමුදල' නමින් මුදලක්ද අසාධාරණ ලෙස අය කළ බලධාරීන් එම මුදලින් සැබවින්ම නේවාසිකාගාරය සංවර්ධනය කළානම් මෙසේ සිදුවීමක් කිසි සේත්ම නොවීමට ඉඩ තිබුණි.

නේවාසිකාගාර පිළිබඳව ඉංජිනේරුවරයෙකු ද සිටින බව අප දැනගත්තේ මෙදින වන අතර මෙවන් නේවාසිකාගාරයක් පවතින බව ඉංජිනේරවරයා දැන ගන්නට ඇත්තේද මෙදිනම වන්නට ඇති බව අපට පසක් විය.
මුදල් අය කිරීමට පමණක් මෙහි පැමිණෙන ඇතැම් පිරිස් මෙදිනද පැමිණ කිඹුල් කඳුලු හෙලා නැවත ගිය ද මීට පෙර ප්‍රශ්ණ ආකාරයටම මෙයද විසඳුමක් නොමැතිවම අමතක නොකරතැයි අපි විශ්වාස කරමු. කඩිනම් විසඳුමක් ලබා නොදුන හොත් කිසිදා ගිනි නොගන්නා 'වෙද සිසු හඬෙන් ' ඔවුන්ගේ තනතුරු ගිනි ගන්නා දිනය වැඩි ඈතක නොවන බව ඔවුන් දැන ගත යුතුය.














දෙසැම්බර් 31 උත්ඝෝෂණයේ බාරදුන් සංදේශය

උසස් අධ්‍යාපන අමාත්‍යතුමනි,
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරි වාතාවරණය පිළිබඳවයි
     මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර මේ වන විට වසර 5 කට අධික කාලයක් ගතව ඇති අතර ආරම්භයේ සිටම මේ දක්වා මේ සම්බන්ධයෙන් රට තුල විශාල ආන්දෝලනාත්මක කථිකාවකුත් මතුව ඇත. මේ වන විට මෙම ආයතනය රටේ අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සේවයේ ප්‍රගමනය කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන තත්වයකට පත්ව ඇත. ආරම්භයේ පටන්ම ඉතාමත් වංචනික ආකාරයෙන් ජනතාව රවටමින් පවත්වාගෙන යන මෙම ආයතනය තුල විශාල අක්‍රමිකතාවයන් ප්‍රමාණයක් සිදුවන අතර ඒ පිලිබඳව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වශයෙන් අපි දිගින් දිගටම හෙළිදරවු කළෙමු.
     අධ්‍යාපනය මුදලට විකිණීම තම මුඛ්‍ය පරමාර්ථය කරගත් මෙවැනි ආයතන තුල අධ්‍යාපන කටයුතු අවශ්‍ය ප්‍රමිතීන්ගෙන් තොර වුවද කුමන හෝ අයුරින් වෛද්‍ය උපාධියක් ලබා දෙන බව පවසමින් පසුගිය කාලය පුරාවටම විශාල සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා ලදී. මේ අතර රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළත්වීමට ඇති අවම සුදුසුකම වන S සාමාර්ථ තුනකටත් අඩු, එනම් උසස් පෙළ අසමත් සිසුන්ද මෙහි සිටින බව නොරහසකි. ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 2012 දී නිකුත් කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාවේ සඳහන් වෙයි. මෙසේ ජනතාව මුලා කරමින් පවත්වා ගෙන යනු ලබන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව එම ආයතනයට ඇතුලත් වූ සිසුන් විසින් ගොනු කල නඩු 5 ක් මේ වන විටත් කඩුවෙල අධිකරණයේ විභාග වෙමින් පවතී. වංචාකාරී ලෙස පවත්වාගෙන යනු ලබන මෙවන් ආයතන හේතුවෙන් රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය බරපතල අවධානමකට පත්ව ඇත.
     ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යන ගමනේදී අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන් ශක්තිමත්ව පැවතීම ප්‍රබල අත්වැලක් සපයන බව සත්‍යකි. එබැවින් රටේ පුරවැසියන්ට ගුණාත්මක අධ්‍යාපනයක් හා සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමේ අයිතිය සුරක්ෂිතව පැවතිය යුතුය. නමුත් අධ්‍යාපනය මුදලට විකිණීම යන පදනම මත ආරම්භ වී ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වැනි ආයතන හරහා රටේ ජනතාවගේ අධ්‍යාපන අයිතියද ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලැබීමට ඇති අයිතියද උල්ලංඝනය වන අතර ඒ තුලින් රට සැබෑ සංවර්ධනය කරා යන ගමනද අඩාල වේ.
     එබැවින් රටේ ජනතාවගේ ජීවිත අනතුරේ හෙලන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙසත් රටේ ජනතාවගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරක්ෂිත කරමින් අධ්‍යාපනය මුදලට විකිණීමේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙසත් අපි මෙයින් බල කර සිටිමු. 

“වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව”


මෙලෙස ඇරඹුනේ රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ තීරණාත්මක නව වසරකි. ජයග්‍රහණයෙන් තොරව නතර වී නොමැති සිසු සටන් වල තවත් එක් ජයග්‍රහණයක් ලබන වසරකි. 
 

මහින්දට දොස්තරලගේ ඡන්දෙ ගන්න, වියදම මාළඹේ හොර වෙද උපාධි කඩයෙන්


මහින්ද රාජපක්ෂගේ 
ජනාධිපතිවරණ ව්‍යාපාරයට 
වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීම සඳහා 04.01.2015 දින උදෑසන7.00 ට කොළඹ ගලධාරී හෝටයේ පැවැත්වෙන ප්‍රිය සම්භෂණයේ සම්පූර්ණ වියදම දරා ඇත්තේ මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ (SAITM) හිමිකරුවා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු බව හෙළිව තිබේ.
මෙම සමුළුව සඳහා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ  මුදල් එම හිමිකරුවා වියදම් කරන්නේ ඔහු මහින්ද රාජපක්ෂගේ අතිශය සමීප මිතුරකු මෙන්ම මෙම ප්‍රමිතියකින් තොර ආයතනය නීත්‍යානූකූල කරවා ගැනීම සඳහා වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීම වෙනුවෙනි. මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ශිෂ්‍ය ව්‍යාපාර මෙන්ම විපක්ෂ දෙශපාලන පක්ෂ ගනනාවක් මෙම ආයතනය පිහි‍ටුවීමට එරෙහිව සිටී,


රාජපක්ෂවරු අධ්‍යාපනය පෞද්ගලික කරනය කිරීමේ මූලික පියවරක් ලෙස මෙම වෛද්‍ය විද්‍යාලය පිහි‍ටුවීමට ඉඩ ලබා දුන්නේය.

හෙට පැවැත්වෙන මෙම හමුව සඳහා දිවයිනේ සියලු විශේෂඥ වෛදවරු කැඳවා ඇති අතර මේ සංවිධානය කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය පාලීත මහීපාල විසිනි.

පාලීත මහීපාල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ලෙස ජනාධිපතිවරයා විසින්ම පත්කරනු ලැබූවකු වන අතර හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නියෝගයන් නොතකා රාජපක්ෂවරුන්ට අනුව කටයුතු කළ අයෙකි.
ඩිසීඩී ප්‍රශ්නයේදී වෙළෙඳපොලෙන් ඉවත් කිරීමට නියෝග කර ඇති කිරිපිටි යළි වෙළඳ පොළට එක්වීම සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු අතර පාලිත මහීපලගේ නමද ඊට ඇඳී තිබිණි. සෞඛ්‍ය අමාත්‍යංශ තොරතුරු මාර්ග පවසන්නේ මෙම විස කාරක කිරිපිටි විකුණන සමාගමකින් මාසිකව ලක්ෂ 7ක දීමනාවක් මොහුට ලැබෙන බවය.මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීම සඳහා හෙට උදැසන 7.00 ට කොළඹ ගලධාරී හෝටයේ පැවැත්වෙන ප්‍රිය සම්භෂණයේ සම්පූර්ණ වියදම දරා ඇත්තේ මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ (SAITM) හිමිකරුවා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු බව හෙළිව තිබේ.
මෙම සමුළුව සඳහා මාලබේ පෞද්ගලික වෛද්‍ය විදාලයේ මුදල් එම හිමිකරුවා වියදම් කරන්නේ ඔහු මහින්ද රාජපක්ෂගේ අතිශය සමීප මිතුරකු මෙන්ම මෙම ප්‍රමිතියකින් තොර ආයතනය නීත්‍යානූකූල කරවා ගැනීම සඳහා වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීම වෙනුවෙනි. මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ශිෂ්‍ය ව්‍යාපාර මෙන්ම විපක්ෂ දෙශපාලන පක්ෂ ගනනාවක් මෙම ආයතනය පිහි‍ටුවීමට එරෙහිව සිටී,
රාජපක්ෂවරු අධ්‍යාපනය පෞද්ගලික කරනය කිරීමේ මූලික පියවරක් ලෙස මෙම වෛද්‍ය විද්‍යාලය පිහි‍ටුවීමට ඉඩ ලබා දුන්නේය.
හෙට පැවැත්වෙන මෙම හමුව සඳහා දිවයිනේ සියලු විශේෂඥ වෛද්‍යවරු කැඳවා ඇති අතර මේ සංවිධානය කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය පාලීත මහීපාල විසිනි.
පාලීත මහීපාල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ලෙස ජනාධිපතිවරයා විසින්ම පත්කරනු ලැබූවකු වන අතර හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නියෝගයන් නොතකා රාජපක්ෂවරුන්ට අනුව කටයුතු කළ අයෙකි.
ඩිසීඩී ප්‍රශ්නයේදී වෙළෙඳපොලෙන් ඉවත් කිරීමට නියෝග කර ඇති කිරිපිටි යළි වෙළඳ පොළට එක්වීම සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු අතර පාලිත මහීපලගේ නමද ඊට ඇඳී තිබිණි. සෞඛ්‍ය අමාත්‍යංශ තොරතුරු මාර්ග පවසන්නේ මෙම විස කාරක කිරිපිටි විකුණන සමාගමකින් මාසිකව ලක්ෂ 7ක දීමනාවක් මොහුට ලැබෙන බවය.