අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම යනු වසර ගණනාවක් ඇදීගිය
අරගලයකි. මේ වෙනුවෙන් ලංකාවේ ප්‍රථම වරට විශ්ව විද්‍යාල ආචාර්යවරු ද දැවැන්ත
අරගලයක නිරත විය. ඔවුන් ගාල්ලේ සිට කොළඹ දක්වා එද්දී සරසවි සිසුන් නුවර සිට කොළඹට
ආවේ තම ආදරණීය සිසු විරු සගයන් දෙදෙනෙකු එවක පැවති මිලිටරි පාලනය විසින් උදුරගන්නා
ලද දැඩි මර්දනකාරී වටපිටාවකය.එමෙන්ම, වසර දහයකින් පමණ ඉහල නොදමන ලද මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරන ලෙස බලකරමින් කරන ලද අරගල වලට මෙතෙක් ප්‍රතිචාර ලැබුනේ මර්දනයේ හස්තයෙන් පමණි. 2014 ඔක්තෝම්බර් මස පාර්ලිමේන්තුව ඉදිරියට පැමිණි අ.වී.ශි.බ.ම. පාගමනට පාලකයන්ගේ මිලේච්ච ප්‍රහාර වලට ලක්වීමට සිදුවිය.
මේ සියලු අරගල හා කැපකිරීම් නිසාවෙන් අද අධ්‍යාපනයට 6%ක් ලැබී ඇත. මහපොළ 5000ක් දක්වා වැඩි කරන බවට පොරොන්දු වී ඇත. මෙය ඉදිරි මහමැතිවරණය උදෙසා දුන් තවත් පොරොන්දුවක් නොවී එය සැබෑවටම ලංකේය ශිෂ්‍ය ප්‍රජාවට හිමිවනතුරු අපි අවදියෙන් සිටිමු.




