ලංකාවේ ද එසේ මානව අවයව හා ශරීර කොටස් පරිහරණයේදී පිළිපැදියයුතු නීති පද්ධතියක් 1987දී හඳුන්වාදී නීතිගතකර ඇත. එය Transplantation Of Human Tissues Act (No. 48 of 1987) ලෙස හැඳින්වේ.
එම පනතට ( http://www.commonlii.org/lk/legis/num_act/tohta48o1987422/ ). අනුව කිසියම් කරුණක් උදෙසා මියගිය හෝ ජීවත්වන පුද්ගලයකුගේ ශරීරය හෝ කොටසක් හෝ භාවිතා කරන්නේ නම් ඊට අදාළ පූර්ව කැමැත්ත එම පුද්ගලයා විසින් ලබාදීමට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කළ විශේෂ කවුන්සියලක් මඟින් එක් එක් කරුණ සඳහා වෙන වෙනම විශේ්ෂ විශ්ලේෂණයක් කොට අනුමැතිය ලබාදිය යුතුය.
ඒ සඳහා ලංකාවේ සියළු රාජ්‍ය වෛද්‍යවිද්‍යලවල ක්‍රියාත්මක වූ පටිපාටිය නම් තම සිරුර වෛද්‍ය විද්‍යාලයට දන් දීමට කැමති පුද්ගලයන්ගේ සිරුරු ඉහත පනතේ ඇති නීතිමය ක්‍රමවේදයට අනුව ගෞරවාන්විතව භාරගෙන විශේෂිත කල්තබාගැනීමේ ද්‍රාවණයක ගිල්වා සංරක්ණය කොට වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පුහුණුව සඳහා භාවිතා කිරීමයි.
එසේ
භාවිතා කරන මළසිරුරු සමඟ ඡායාරූප ගැනීම හෝ එම මළසිරුරේ දායකයාට කිසියම් හෝ
අගෞරවයක් වන ආකාරයෙන් ක්‍රියා කිරීම වෛද්‍ය ශිෂ්‍යයකුට වුවද සපුරා තහනම්
ය.
එහි වෛද්‍ය විද්‍යාව හදාරන වෛද්‍ය සිසුන් යැයි කියාගන්නා පිරිසක් මළ සිරුරු හා ශරීර කොටස් සමඟ පෙනී සිටින ඡායාරූප එම ආයතනයේ නිල වෙබ් අඩවියේ පැහැදිළිව ප්‍රසිද්ධ කර ඇත. ( http://www.saitm.edu.lk/fac_of_medicine/fac_of_medicine.htm ). මෙම ආයතනය මේ දක්වා වෛද්‍ය විද්‍යාලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෛද්‍ය සභාව විසින් පිළිගෙන නැත.
කොතලාවලආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය ගැන කිවයුත්තේද මීට සමාන කතාවකි. (http://www.kdu.ac.lk/faculty-of-medicine/
) එහි ඉගැන්වීම් කටයුතු ආරම්භ කළේ 2009 වසරේදීය නමුත් පිළිගත් වෛද්‍ය
විද්‍යාලයක් ලෙස විශේෂ පාර්ලිමේත්තු පනතක් මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ
අනුමැතිය ලබාගත්තේ 2014 වසරේදීය.
ඒ අනුව SAITM හොර වෛද්‍ය විද්‍යාලයට අද දින දක්වාත් කොතලාවල වෛද්‍ය පීඨයට 2014 වසර දක්වාත් වෛද්‍ය සිසුන් පුහුණුව සඳහා මනුෂ්‍ය ශරීර කොටස් පරිහරණයට නීතිමය අවසරයක් නැත.
එසේ නම් මේ ආයතන දෙකෙහි අධ්‍යයන කටයුතු සඳහා මිනිස් සිරුරු සපයාගත්තේ කෙසේද යන්න විධිමත්ව සොයාබැලිය යුතුය. මෙම ආයතන දෙකම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂගේ සෘජු දේශපාලන රැකවරණ මත ක්‍රියාත්මකවූ ආයතනවේ.
පසුගිය සමයේ මානව හිමිකම් ක්‍රියාධරයින්,මාධ්‍යවේදීන් ඇතුළු මිනිසුන් රාශියක් අතුරුදහන් කරනු ලැබ ඇත. රටේ විවිධ ප්‍රදේශවල යාචකයන් ඔළුවලට ගල්ගෙඩිවලින් ගසා ඝාතනය කරනු ලැබිණි. අතුරුදහන් කරනු ලැබිණි.
මොවුන් පිළිබඳ පරීක්ෂණ නිසි පරිදි කරනවා නම් අප ඉහත දක්වා ඇති ආයතනවල ඇති
මිනිස් සිරුරු හා කොටස් ගැනද වහාම විධිමත් විමර්ෂණයක් කර අතුරුදන්වූවන්ගේ
ඥාතීන්ට ඒවා බැලීමට අවස්ථාවක් ලබාදිය යුතුය. හඳුනාගැනීමට අවස්ථාව
සැලසියයුතුය. රටේ නීතියට පරිබාහිරව අමු මිනීමස් ජාවාරමක් කළ ඉහත ආයතන තුළ
ලලිත්, කූගන්, ප්‍රගීත් එක්නැලිගොඩ ආදීන් සිටීදැයි වගකිව යුත්තන් විසින්
සෙවිය යුතුම ය.
ඊ ගොසිප් වෙබ් අඩවියේ 05.02.2015 දින පළ වූ ලිපියකි.
ඊ ගොසිප් වෙබ් අඩවියේ 05.02.2015 දින පළ වූ ලිපියකි.



ape faculty walin issuwa
ReplyDelete