විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ඇතුළු එම කොමිසමේ සාමාජිකයින් 7දෙනා ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. කොමිසමේ උප සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න, සාමාජිකයින් වන අභයගුණරත්න, සුබ්‍රමනියම් මොහාන්දාස්ථ, නලින් ද සිල්වා, සුදන්ත ලියනගේ යන මහාචාර්යවරු මෙසේ ඉල්ලා අස්වී ඇති සෙසු සාමාජිකයෝ වෙති. මෙහි සාමාජිකාවක්ව සිටි මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මිය මෙයට සතිදෙකකට පමණ පෙර හදිසි අනතුරකින් මියගියාය.
ඔවුන් පසුගිය 9වනදා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඇති අතර මේ වනතුරු එහි පුරප්පාඩු පිරවීම සඳහා නව සාමාජිකයන් මේවනතුරු පත් කර නැත.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජිව විජේසිංහ මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඇය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති කුමාර හිරිඹුරේගම මහතාගේ භාර්යාවය. ඇයගේ පත්වීම දේශපාලන පත්වීමක් බවත් එම නිසා එම තනතුරින් ඉල්ලා අස්වන ලෙසත් වත්මන් රජය පත්වීමෙන් පසු ඇයගෙන් ඉල්ලා තිබූ නමුත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මාධ්‍යවල පසුගිය කාලයේ වාර්තා විය
No comments:
Post a Comment