7.
පෞද්ගලික පාසල් සිසුන්ගේ අනාගතය කුමක්ද?
මෙය
සාධාරණ ගැටලුවකි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ නීතිමය තත්වයන්ට අනුව පෞද්ගලික
පාසල් ඉදිකිරීම තහනම්ය. නමුත් දිගින් දිගටම ලබා දුන් රාජ්‍ය අනුග්‍රහය හේතුවෙන්
දුරදිග නොබලා අති විශාල ප්‍රමාණයෙන්, හන්දියක් හන්දියක් ගානේ පෞද්ගලික පාසල් ඉදි
කරන ලදී. මෙසේ ඉදි කිරීමේදී ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳව කල විමසීම් පවා
නොසලකා හරින ලදී.
වර්ෂය
|
පෞද්ගලික පාසල් ගණන
|
ශිෂ්‍ය
සංඛ්‍යාව
|
||
1992
|
66
|
86782
|
||
2000
|
78
|
95383
|
||
2005
|
85
|
105048
|
||
මෙහිදී
වැටහෙන කරුණක් නම් උසස් අධ්‍යාපනය පුද්ගලිකරණය සාධාරණය කිරීම් සඳහා කාලයක් තිස්සේ
මෙම පුද්ගලික පාසල් වලට අතහිත දීම සිදු කරන ලද බවයි. එම නිසා සැබවින්ම රටේ සියලුම
ශිෂ්‍යන් ගැන සිතා බලා තීරණ ගන්නේ නම් කල යුත්තේ වහාම එම සියලු පාසල් රජය යටතට
පවරා ගෙන එම දරුවන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා තහවුරු කිරීම මිසෙක, 100 000 ක් පමණ වු
දරුවන් පිරිසකගේ අනාගතය වෙනුවෙන් ලක්ෂ 60 ක පමණ දරුවන්ගේ අනාගතය අනතුරේ හෙලීම
කිසිසේත්ම අනුමත කල නොහැකිය.
8.ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයි. ශ්‍රේණිගත කිරීම් වල ඉහලට ගමන් කිරීමට නම් රට තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කල යුතුය.
විශ්වවිද්‍යාල
වල ගුණාත්මක භාවය හා තත්වය තීරණය වනුයේ එය අයත් වන්නේ රජයටද නැත්නම් පුද්ගලික
අංශයටද යන්න මත නොව, එම ආයතනයට කොතරම් ප්‍රතිපාදන වෙන් වෙනවාද, භෞතික, මානව හා
පර්යේෂණ කොතරම් ලබා දෙනවාද වැනි කරුණු මතයි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ අද ශ්‍රේණිගත
කිරීම් වලින් පහත මට්ටමක පවතී නම් කල යුත්තේ වහාම ලබා දෙන ප්‍රතිපාදන ඉහල නංවා,භෞතික
හා මානව සම්පත වැඩි දියුණු කිරීම මිසක උපාධි විකුණන සිල්ලර කඩ විවෘත කිරීම නොවේ.
එමගින් මේ තරම්වත් ගුණාත්මක භාවයක් බලාපොරොත්තු විය නොහැක.
අනෙක් අතට ලෝකයේ
හාර්වඩ්, ඔක්ස්ෆර්ඩ්, මොනෑෂ් වැනි විශ්වවිද්‍යාල ප්‍රභල ඒවා වූයේ ඒවා පෞද්ගලික අංශයට
අයත් වු ඒවා නිසා නොව ඒවා ප්‍රමාණවත් සම්පත් සහිත බුද්ධියේ කේන්ද්‍රස්ථාන බවට පත්
වු නිසාවෙනි. එමෙන්ම මේ එකඳු විශ්වවිද්‍යාලයක්වත් මුළුමනින්ම පුද්ගලික විශ්ව විද්‍යාල
නොවේ.
ලෝකයේ
එක් එක් රටවල් සංවර්ධනය වූයේ වෙනස් පසුබිම් වල සිටයි.
මින් යුරෝපය ඇතුළු බටහිර
රටවල අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර මුල පටන්ම පුද්ගලික අංශ ඔස්සේ දියුණු විය.
මුල් කාලයේ මුදල් අය කලද ඉන් දැඩි සමාජ අසාධාරණයක් සිදු නොවිණි. එයට හේතුව වූයේ එම
රටවල කම්කරුවන්ගේ පවා වැටුප් තල ඉහල මට්ටම් වල පැවතීමයි. නමුත් වර්තමානයේ ආර්ථික
අර්බුද හා ආර්ථිකයේ දරුණු කඩාවැටීම් හමුවේ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන
කප්පාදුව, අධ්‍යාපන ගාස්තු ඉහල දැමීම වැනි හේතු නිසා මේ වන විට අධ්‍යාපන පෞද්ගලීකරණය
බටහිර ලෝකය පුරාම නැවත ප්‍රශ්න කරවන තත්වයක් උද්ගත වී ඇත.
බ්‍රිතාන්‍ය
වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් එහි නුතන වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව කල පර්යේෂණයක ප්‍රතිඵල British Medical Journal ජාත්‍යන්තර සඟරාවේ පසුගිය කලාපයක පලවී තිබුණි. එහි ප්‍රතිඵල
විශ්ලේෂණය කරමින් ඔව්හු මෙසේ තම අදහස ඉදිරිපත් කරති.
a. විවිධ සමාජ පන්ති වලට
අනුව වෛද්‍ය විද්‍යාව වෙත ඇතුලත් වෙන ශිෂ්‍ය සංඛ්‍යාවන් අතර විශාල අසමානකමක් දක්නට
ලැබුණි. ( There are wide
disparities in medical school admission by social classes )
b. වෛද්‍ය විද්‍යාව සඳහා ඇති අවස්ථා පුළුල් කිරීමට මේ දක්වා දරූ ප්‍රයත්නයන් වලින් ඇති වූ බලපෑම සීමිතය. ( Widening participation initiatives in medicine have so far limited impact )
c. කම්කරු පවුල් වල සිසු සිසුවියන් වෛද්‍ය විද්‍යාව දුටුවේ තමන්ගෙන් දුරස් වූ යථාර්තවාදී නොවූ හා තමන්ටම ආගන්තුක වූ අධ්‍යාපන ආයතන ලෙසයි. ( School people from working class background see medical school as distant, unreal and culturally alien )
මෙම
නිගමන වලින් පෙන්වන යථාර්තය කුමක්ද? වත්මන් අර්බුදයත් සමග තමන් මෙතෙක් ආ මග ප්‍රශ්න
කරද්දී, ‘පාඨමාලා ගාස්තු අඩු කරනු’ වැනි සටන් පාඨ සමග ලන්ඩන්, ඇතන්ස්, පැරිස් නගර
වල වීදි සරසවි-පාසල් සිසුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් පිරී යද්දී එම යථාර්තයට පිටින්
ගොස් එම කටුක සත්‍ය වසා දැමීමට අපේ රටේ උසස් අධ්‍යාපන ප්‍රධානීන් යයි කියාගන්නා
කැලෑ සිවලුන්ට ඉඩ දීමට හැකිද..?

No comments:
Post a Comment