3) විදේශ උපාධි
ලබාගැනීම සඳහා විදේශ ගතවන ශිෂ්‍යයන් සමග වාර්ෂිකව රටට අහිමි වන විශාල
මුදලක් අපේ රටෙහි රඳවාගැනීම සහ අදායම් උපයාගැනීම සඳහා PMC ඇති කල යුතුය.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේම සංඛ්‍යා ලේඛන වලට අනුව වාර්ෂිකව 300 කට අධික පිරිසක් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශ ගත වේ. ඔවුන් ගණන් බලා ඇති පරිදි එමගින් වාර්ෂිකව පිට රටට ඇදී යන මුදල දළ වශයෙන් රුපියල මිලියන 1600 කි (රුපියල් කෝටි 160 කි).
මෙය උසස් අධ්‍යාපන ඇමතිවරයා පවසන පරිදි අති විශාල මුදලක් නොවේ.
විදෙස් සංචිත ඉතිරි කර ගැනීමට නම් මෙබඳු හානියක් සිදු නොකර තම නාස්ති වියදම් අඩු කිරීමෙන් හා යහපත් කළමනාකරණය තුලින් ඉතිරි කරගත හැකි බොහෝ අංශ තිබේ.
I. පසුගියදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට සුඛවිහරණය සඳහා වෙන්කළ මුදල රුපියල් කෝටි 160 කි.
II. පසුගියදා සුඛෝපභෝගී හෙලිකොප්ටර් යානා ගෙන්වීම සඳහා රජය වෙන්කළ මුදල රුපියල් කෝටි 1850 කි.
මෙය වසර 12ක් ක දී වෛද්‍ය උපාධි මගින් පිට රටට ඇදී යන මුදලට සමාන වේ.
III. හෙජින් ගිවිසුම නිසා ලංකාවට අහිමි වූ මුදල රුපියල කෝටි 1700 කි.
මෙය වසර 11 ක දී වෛද්‍ය උපාධි මගින් පිට රටට ඇදී යන මුදලට සමාන වේ.
IV. COPE වාර්තාවට අනුව 2006 වර්ෂයේදී පමණක් දුෂණ හා වංචා නිසා රටට අහිමි වූ මුදල රුපියල් කෝටි 15 000 (රාජ්‍ය අදායමෙන් 1/3 ක්!)
මීට අමතරව පහසුවෙන්, රටට හානියක් නොකර රට තුල නිපදවා ගත හැකි දේවල් වලින් වාර්ෂිකව විදේශයන්ට මුදල ඇදී යාම පහත පරිදි වේ. යහපත් කලමනාකරණයක් තුලින් අවශ්‍ය නම් මෙය වඩාත් හිතකර ලෙස නවත්වා ගත හැක.
• සීනි - රු කෝටි 2000
• කිරිපිටි - රු කෝටි 1900
• ටින් මාළු - රු කෝටි 1500
එබැවින් ආදයම් උපයා ගැනීම සඳහා නූපන් පරපුරක අනාගතය අනතුරේ දමනවා වෙනුවට කල හැකි බොහෝ දේ තිබේ. ඒවාට සාපේක්ෂව අධ්‍යාපනය නිසා ඇදී යන මුදල සොච්ච්ම් මුදලක් බව ඉහත කරුණු වලින් සනාථ වේ.
4)පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය අතර ඇති කරන තරඟය මගින් වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබාගැනීම.
තරඟ කිරීමට නම් තරග කරුවන් දෙදෙනාම ශක්තිමත්ව සිටිය යුතුය. නමුත් මෙහිදී තරඟ කිරිමට සිදුවන්නේ වාර්ෂිකව වෙන් කරන මුදල් ප්‍රතිපාදන පවා ක්‍රම ක්‍රමයෙන් කප්පාදු කරන, රාජ්‍ය අනුග්‍රහය දිනෙන් දින ගිලිහෙන දිරාපත් වෙමින් පවතින රජයේ වෛද්‍ය පීඨ හා, මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ලැබෙන, නීතිමය රැකවරණය ලැබෙන, නොමද රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන රජයේ බැංකු වලින් ණය මුදල් පවා ලැබෙන (පසුගියදා ලංකා බැංකුව මගින් රුපියල් මිලියන 600 ක ණය මුදලක් මාලඹේ වෛද්‍ය උපාධි කඩය වෙත පිරිනමනු ලැබීය) පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සමගය.
මෙහිදී රාජ්‍ය මාධ්‍යය එනම් නිවහල් නමක් තිබුණත් ආණ්ඩුවේ ගැතිකම් කරන ස්වාධීන නාලිකාව, ලංකාව සුරපුරයක් යැයි අහිංසක මහජනතාවට 'බොරු' ප්‍රවෘත්ති සපයන රූපවාහිනී නාලිකාව, හඩ්සන් සමරසිංහ මහතාගේ රාජපක්ෂ ප්‍රේම වෘතාන්තය ප්‍රචාරය කරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නමින් තියෙන එෆ් එම් වගේම ඇත්ත සිද්ධි හංගා වැරදි පුවත් ප්‍රචාරය කරන දිනමිණ, දිවයින වැනි මුද්‍රිත මාධ්‍යය මාලඹේ වෙද උපාධි කඩයේ 'නැති' සෞභාග්‍යයක් රටට පෙන්වීමේදී ඉතා වැදගත් කාරය භාර්යක් ඉටු කරයි.
මෙහි හොඳම කරුණ වන්නේ ඒ කොතරම් පහසුකම් තිබුණද වැදගත්ම අවශ්‍යම දේ මාලඹේ වෙද කඩයට නැති වීමයි. එනම් බුද්ධිමත් සිසුන් පිරිසකි.
එබැවින් මෙවන් පාර්ශව දෙකක් තරග කිරීම හාවා සහ ඉබ්බා දිවීමට සලස්වා ජයග්‍රහකයා තේරීමට බලාපොරොත්තු වන ආකාරයේ ක්‍රියාවකි. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වනුයේ රජයේ වෛද්‍ය අධ්‍යාපනය කඩා වැටීම හා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමුඛ වීමයි. ඒ ඔවුනට අවශ්‍යම දේ නොමැතත් ඉහත සඳහන් කළ සියලු අනුග්‍රහක සත්කාරයන් ලැබීමයි

No comments:
Post a Comment